අර්බුධ රැසක් හමුවේ ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ වාර්ෂික සමුළුව අද සෞදි අරාබියේදී ආරම්භ වනවා.
සෞදි අරාබියත් කටාර් රාජ්‍යයත් අතර පවතින අර්බුධකාරී වතාවරණය සහ සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ ඝාතනය වැනි සිදුවීම් මධ්‍යයේයි මෙම සමුළුව සෞදි අරාබියේ රියාද්හි පැවැත්වෙන්නේ. ගල්ෆ් කලාපයේ රටවල් හයක සාමජිකයින් ඔවුන්ගේ රටවල ආරක්ෂාව, බොරතෙල්, දේශපාලනය මෙන්ම යේමන් යුද්ධය සහ ඉරානයේ ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන්ද මෙම සමුළුවේදී සාකච්ඡා කෙරෙනු ඇති. සෞදි ආරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, ඕමානය, කුවේට් සහ කටාර් රාජ්‍යය මෙම සමුළුවට සහභාගී වනවා.