fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රංශය එක්සත් විය යුතු බව ප්‍රංශ අගමැති පවසයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2018 15:20

ප්‍රංශය එක්සත් විය යුතු බව ප්‍රංශ අගමැති පවසයි

ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය මගහරවාගැනීමට ප්‍රංශය එක්සත් විය යුතු බව ප්‍රංශ අග්‍රාමාත්‍ය ඉඩුආඩ් පිලිප් පවසනවා.

ප්‍රංශය පුරා පැවැත්වෙන විරෝධතාවලට එක්ව සිටින ලක්ෂ ගණනක් ජනතාවට සාමකාමීව හැසිරෙන ලෙස ප්‍රංශ අග්‍රාමාත්‍ය ඉඩුආඩ් පිලිප් පවසා තිබෙනවා. ප්‍රංශයේ පෙර පැවති ජතික එකමුතුව නැවත ඇති කර ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. දැනට විරෝධතාවලදී ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු පුද්ගලයින් 3000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය හා විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ පිරිස දහසකට අධිකයි. විවිධ ස්ථානවල ආරක්ෂාවට ලක්ෂයකට ආසන්න පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2018 15:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo