සිය කාර්ය මණ්ඩල ප්‍රධානියා තනතුරෙන් ඉවත් වන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළා.
මේ මස අවසානයේ සිට එය කි‍්‍රයාත්මක වනු ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ. දින කිහිපයක සිට කාර්ය මණ්ඩල ප්‍රධානී ජෝන් කෙලී සම්බන්ධයෙන් අඛණ්ඩව මාධ්‍ය වාර්තා පළවුණා. ඔහු සහ ජනාධිපතිවරයා අතර සබඳතා පිරිහී ගොස් ඇති බවටයි ඉන් බහුතරයක දැක්වුණේ. එහෙත් ඇමරිකා ජනාධිපතිවරයා ජෝන් කෙලී ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු ලෙස සඳහන් කර තිබෙනවා. ඔහු වෙනුවෙන් තනතුරට පත්කරන පුද්ගලයා ඉදිරි දින දෙක තුළදී නිවේදනය කරන බව ද ට්‍රම්ප් සඳහන් කළා.