fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැරිස් නුවර විරෝධතාකරුවන්ට යළිත් රබර් උණ්ඩ සහ කදුළු ගෑස්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2018 09:01

පැරිස් නුවර විරෝධතාකරුවන්ට යළිත් රබර් උණ්ඩ සහ කදුළු ගෑස්

මාසයකට ආසන්න කාලයක සිට ප්‍රංශයේ පැවැත්වෙන විරෝධතා අද දිනයේත් ප්‍රචණ්ඩකාරී මුහුණුවරක්ගෙන ඇති බව එරට වාර්තා සදහන් කරනවා.

විරෝධතාවන්ට එක්ව ප්‍රචන්ඩකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් දහසකට අධික සංඛ්‍යාවක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර පැරිස් නගරයේ විරෝධතාවල නිරත වූවන්ට පොලීසිය රබර් උණ්ඩ හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. පොලීසිය හා විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් එකසිය විසි හය දෙනෙකු තුවාල ලැබුවා. කහ පැහැති කබායන්ගෙන් සැරසුනු  විරෝධතාකරුවන් ප්‍රංශයේ ඉන්ධන සදහා වූ බදු වැඩි කිරීමට එරෙහිවයි විරෝතාවල නිරත වන්නේ. කඩ සාප්පුවලට හා මාර්ගය අසල නවතා ඇති වාහනවලට විරෝධතාකරුවන් අලාභහානි සිදුකර ඇති බව ද සදහන්.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2018 09:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්