තහනම් වල්නාශක ප්රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු සෙට්ටිකුලම ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සෙට්ටිකුලම පොලිස්ථානයේ නිලධාරීන් සැකකටයුතු සුඛෝපභෝගී වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී මෙම තහනම් වල්නාශක තොගය සොයා ගැනුණා. තහනම් වල්නාශක පැකට් පන්දහස් අටසිය විස්සක් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරුවන් අවුරුදු තිස් තුන සහ තිස් පහ යන වයස්වල පසු වන්නන් බවයි පොලීසිය සදහන් කරන්නේ. ඔවුන් පෙරියමුල්ල සහ කොච්චිකඩේ ප්රදේශවල පදිංචිකරුවන්. සැකකරුවන් පැමිණි වෑන් රථයද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මකයි.