ගංවතුරවලින් සිදු වන හානි අවම කර ගැනීම සදහා චීනය ස්පොන්ච් නගරයක් නිර්මාණය කර තිබෙනවා.
අධික වර්ෂා කාලයේ දි ජලය උරාගනිමින් මෙම ස්පොන්ච් තුළ ගබඩා කර ගන්නා අතර පසුව අවශ්‍ය අවස්ථාවලදී එම ජලය මුදා හැරීම මෙම නගරයේ දී සිදුවනවා. ඉදි කර ඇති පදික වේදිකාව හා උද්‍යානවලට පහළින් සවි කර තිබෙන උපාංග මගින් උරා ගන්නා ජලය නැවත භාවිතය සදහා ගබඩාකර තැබීමටත්, වැසි ජලය පවිත්රකර ගැනීමටත් හැකියාව තිබෙනවා. මෙය චීනයට බලපෑ හැකි අයහපත් කාළගුණ තත්ත්වයට මුහුණු දිය හැකි කදිම ක්‍රමවේදයක් බවයි විදෙස් විචාරකයින් පෙන්වා දෙන්නේ.