fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

60 දුවන ත‍්‍රිරෝද රථ වර්ජනය කරන්න

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2018 13:01

60 දුවන ත‍්‍රිරෝද රථ වර්ජනය කරන්න

රුපියල් 60ක ආරම්භක ගාස්තුවකින් ගමන ආරම්භ කරන ත‍්‍රිරෝද රථ වර්ජනය කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකිමේ ජාතික ව්‍යාපාරය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පෙට්‍ර්ල් මිල රුපියල් 20කින් අඩු කිරිමත් සමඟ ආරම්භක කිලෝ මීටරය සඳහා ත‍්‍රිරෝද රථ පගාස්තුව රුපියල් 10කින් අඩු කිරිමටයි ත‍්‍රිරෝද රථ සංගම් තීරණය කළේ. ඒ අනූව ආරම්භ ගාස්තුව රුපියල් 50ක්. එභෙත් අතැම් ත‍්‍රිරෝද රථ රියදුරන් පළමු කිලෝ මීටරය සඳහා රුපියල් 60ක ගාස්තුවක් අයකරමින් සිටිනවා. ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බවයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේ.

මේ අතර ඩීසල් මිල අඩුකිරිමට සාපේක්ෂව බස් රථ ගාස්තු අඩු කිරිම සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන 21 වනදා ගැනීමට නියමිත බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2018 13:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්