බස් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටෙයි
Related Articles
කුරුණෑගල – දඹුල්ල ප්රධාන මාර්ගයේ ගලේවෙල කනාදන ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තුන් දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් දඹුල්ල රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
ති්රකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තබු ලංගම බස් රථයක් සහ ළුෑණු ප්රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් එක්නෙක ගැටීමෙන් අනතුර සිදුවුණා. ඉන් තුවාල ලබා ඇත්තේ බස් රථයේ රියදුරු සහ මඟීන් දෙදෙනෙක්. බස් රථයේ අධික වේගය සහ වර්ෂා තත්ත්වය සමඟ මාර්ගය ලිස්සා යාමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. බස් රථය සහ කන්ටේනර් රථය එකිනෙක ගැටීමෙන් අනතුරුව කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ වෙළද සැලකට කඩා වැදි තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් රියදුරන් දෙදෙනාම අත්අඩංගුවට ගත් බවයි ගලේවෙල පොලිසිය ප්රකාශ කළේ.