fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලුත්ගම කන්දේ විහාරාධිපති හිමිගේ ශ්‍රී දේහයට ජනාධිපති අවසන් ගෞරව දක්වයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2018 11:13

අලුත්ගම කන්දේ විහාරාධිපති හිමිගේ ශ්‍රී දේහයට ජනාධිපති අවසන් ගෞරව දක්වයි

අපවත්වී වදාළ අලුත්ගම කන්දේ විහාරාධිපති කළුතර දිස්ත්‍රික්කයේ සහ බෙන්තර වලල්ලාවිට කෝරලේ ප්‍රධාන සංඝනායක කීර්ති ශ්‍රී වාගීෂ්වර පූජ්‍ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමීන්වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වූවා. ඒ අලුත්ගම කන්දේ විහාරස්ථානයේදීයි.

අපවත් වනවිට උන් වහන්සේ 79 වන වියේ පසුවුණා.

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව උන්වහන්සේ පෙරේදා දහවල්  අපවත් වුණා. දේහය මේ වන විට අලුත්ගම කන්දේ විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා.

උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබද අදාහන පූජෝත්සවය මොරගල්ල කාලවිලවත්ත ක්‍රීඩාංගනයේදි  ලබන සදුදා සිදු කෙරෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2018 11:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්