පෘතුවියට නොපෙනෙන චන්ද්‍රයාගේ කොටසේ ගවේෂණ කටයුතු සඳහා චීනය සිය පළමු මෙහෙයුම ආරම්භ කර තිබෙනවා. ඒ රොබෝ යන්ත්‍රයක් යොදාගනිමින්.
පෘතුවියට නොපෙනෙන චන්ද්‍රයාගේ කොටසේ පිහිටි ස්ථානයකට රොබෝ යන්ත්‍රයක් ගොඩබැස්සවීමටයි චීනය තීරණය කර ඇත්තේ.
ඒ අනුව වෑන්ජී හතර නැමැති අභ්‍යාවකාශ මෙහෙයුම මේ වනවිට කි‍්‍රයාත්මක කර ඇති බවයි චීනය පවසන්නේ.
රොබෝ යන්ත්‍රය මගින් පෘතුවියට නිරාවරණය නොවූ චන්ද්‍රයාගේ කොටසේ ඇති පස් සහ ගල් කැබලි අඩංගු සාම්පල් එක්රැස් කොට පරීක්ෂණ සඳහා පෘතුවියට ගෙන්වා ගැනීමටත් චීනය බලාපොරොත්තු වෙනවා.
මීට වසර බිලියන ගණනකට පෙර දැවැන්ත උල්කාෂ්මයක් චන්ද්‍රයාගේ මෙම කොටසට පතිතවී ඇති බවටත් මතයක් ඇතැයි චීනය ප්‍රකාශ කළා.
ලබන වසරේ ජනවාරී මාසයේදී රොබෝ යන්ත්‍රය චන්ද්‍රයා මතට ගොඩබැස්සවීමටයි චීනය අපේක්ෂා කරන්නේ.