කාලගුණ විපර්යාස පිළිබද ලෝකයේම අවධානය යොමුකරවා ගැනීමේ අරමුණින් පෝලන්තයේදී විරෝධතාවක් ආරම්භ වුණා.
ඊට කතෝලික වන්දනාකරුවන් පිරිසක් ද එක්ව සිටීම විශේෂත්වයක්.
වතිකානුවෙන් ගමන් ආරම්භ කළ කතෝලික වන්දනාකරුවන් පෝලන්තයේ ඉමයිලින් නගරයේ විරෝධතාවයේ නිරතවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ වනවිට සිදුවන කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් වහාම කඩිනම් පියවර ගතයුතු බව ඔවුන් අවධාරණය කළා.
විරෝධතාව පැවැති ස්ථානයේ සිට කිලෝමීටර 20 ක් දුරින් එක්සත් ජාතීන්ගේ පාරිසරික සම්මේලනය පැවැත්වීමට නියමිතව තිබෙනවා.