දිස්ති‍්‍රක්ක 3ක තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
බදුල්ල, මොණරාගල සහ කුරුණෑගල දිස්ති‍්‍රක්කයන්හි විටින් විට පැයට කිලෝමීටර 40 ක පමණ තද සුළං ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් දිවයිනට ගිනිකොණ දෙසින් පවතිනවා.
ඒ හේතුවෙන් නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව සහ උතුරු මැද පළාත් වලත්, හම්බන්තොට, ගාල්ල හා කලුතර දිස්ති‍්‍රක්කවලත් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.