එල්.ටි.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානයයළි පිහිටුවිය යුතු යැයි පවසමින් හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශයට අදාළ නඩුව ලබන පෙබරවාරි 22 වනදා කැදවීමට කොළඹ ප්රධානමහේස්ත්රාත් අධිකරණය අද (07) නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට තමන් නීතිපතිවරයාගෙන් උපදෙස් අපේක්ෂාවෙන් සිටින බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා. මෙතෙක් ඒ සදහා උපදෙස් ලැබී නැති බවයි පොලීසිය කියා සිටින්නේ.ඒ අනුව නීතිපතිවරයාට සිහි කැදවීමක් නිකුත් කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පියවර ගත්තා.
මෙම ප්‍රකාශය තුළින් දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් සිදුකිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් මහේෂ්වරන් මහත්මිය මේ වන විට ඇප මත මුදාහැර තිබෙනවා. පසුගිය ජූනි මස දෙවනදා යාපනය වීරසිංහම් ශාලාවේ පැවති රාජ්යඋත්සවයකදී හිටපු රාජ්‍ය අමාත්‍යවරිය කල මෙම ප්‍රකාශයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, දණ්ඩ නීති සංග්‍රහය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවට පොලීසියඅධිකරණයට කරුණු වාර්තා කළා.