fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නික් – ප්‍රියංකා මඟුල ඉවරයි…අගමැති මෝදිගෙන් පණිවුඩයක්…

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2018 16:39

නික් – ප්‍රියංකා මඟුල ඉවරයි…අගමැති මෝදිගෙන් පණිවුඩයක්…



ප්‍රියංකා චොප්රා සහ නික් ජෝනස්ගේ විවාහය දින කිහිපයක් පුරා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ දිල්ලිහි දී ප්‍රභූ පැළැන්තියේ විශාල පිරිසක් මෙම විවාහ මංගල්‍යයට පැමිණ සිටියා..

ඉන්දීය අගමැතිතුමා, ප්‍රීතිමත් විවාහ දිවියක් උදා වෙන ලෙස නව යුවළට සුබ පැතුම් එක් කළ අතර  ඔවුන් සමඟ සුහඳ පිළිසදරකද නිරතවූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.එමෙන්ම අගමැති නරේන්ද්‍ර මොදි සිය ඉන්ටර්ග්‍රෑම් ඔස්සේ නික් ප්‍රියංකා නව යුවළට සුබ පැතුම් එක් කර තිබුණා.. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තම විවාහ උත්සවයට පැමිණීම සම්බන්ධයෙන් නික් ප්‍රියංකා යුවළ ඉතාම සතුටට පත් වූ බවයි ඔවුන් සිය twettr පණිවුඩ මගින් ප්‍රකාශකර ඇත්තේ…

නික් ප්‍රියංකා මංගල උත්සවයේ පළමු දිනය ක්‍රිස්තියානි ක්‍රමයට අනුව පැවැත්වූ අතර, මනාලියගේ මව වන මධූ චොප්රා, සිය දියණිය මංගල ඇදුමින් සැරසී සිටිම දැක ඉමහත් සතුටට පත් වූ බව මාධ්‍යට පවසා තිබුණා.. “මෙය අපි හැම දෙනාටම සතුට පිරුණු සංවේදී මොහොතක්. මනාලියක ලෙස සැරසුන ප්‍රියංකා දුටු විට මට කඳුළු ආවා…අද සැබෑ වුණේ මම මගේ මුළු ජීවිත කාලයම බලා සිටි දෙයක්. ඒ නිසා ප්‍රියංකා දුටු විට මගේ හැඟීම් පාලනය කිරීමට මට බැරිවුණා. සුදු පැහැති ගවුම මගේ දුවට හරිම ලස්සනයි. මගේ දරුවා කුමාරිකාවක් වගේ “


හින්දු චාරිත්‍ර අනුව ද විවාහ චාරිත්‍ර සිදු කෙරුණා… ප්‍රියංකා දියමන්ති, ස්වර්ණාභරණ සමඟ රතු පැහැති ඇඳුමින් සැරසී සිටිය දී නික් සුදුපැහැති ඇඳුමකින් සැරසී සිටියා. ඒ ගැන ප්‍රියංකාගේ මව මධු කියා සිටියේ ප්‍රියංකා සහ නික් විවාහයේ දී සම්ප්‍රදානුකූලව හැම චාරිත්‍රයක්ම අනුගමනය කළ බවයි.

“ඇය මගේ කැමැත්ත ඉටු කළා. ඇයට සියලු දෙනානේම ලැබෙන ආදරය කොතරම්  සුන්දර ද?  මට ඇය ගැන ඇත්තේ මහත් ආඩම්බරයක්. ඇය පමණක් නොවෙයි, නික්ගේ පවුලේ සාමාජිකයන් ද ඉතාම සුන්දර නිහතමානී මිනිස්සු. සංස්කෘතීන්ගේ සංකලනයට ඔවුන් සම්පූර්ණයෙන්ම එකඟයි, නික් අතිවිශේෂ ගෞරවනීය අමුත්තන් සමඟත් ඉතා හොඳින් කතා කරන කළා. ඔහු හොඳම බෑනා කෙනෙක් ”  යනුවෙන් ප්‍රියංකාගේ මව වැඩිදුරටත් මාධ්‍යට ප්‍රකාශ කර තිබුණා..

ප්‍රියංකා- නික් ආදර කතාව සුවිශේෂි එකක් බවට පත් වූයේ දෙදෙනාගේ ජනප්‍රියත්වයට වඩා දෙදෙනාගේ වයස් පරතරය නිසාවෙනුයි. මේ වසරේ දී ප්‍රියංකාට වයස අවුරුදු 36 සපිරුණුනික් සිය 26 වැනි උපන්දිය සැමරුවා. වයස විවාහයට බාධාවක් නොවන බව පවසන මේ යුවළ ඉතාම සතුටින් සිටින බවටයි වාර්තා වෙන්නේ  .. කෙසේ නමුත් මේ දිනවල නික් සහ ප්‍රියංකාට සුබ පතන බොලිවුඩ් හොලිවුඩ් මාධ්‍ය සියල්ලම පාහේ පළ කර සිටින්නේ ඔවුන් දෙදෙනා අපූරු යුවළක් බවයි…

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2018 16:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්