බොලිවුඩ් රංගන ශිල්පිනීී ප්‍රියංකා චොප්රා වංචනික තැනැත්තියක් බවට ඇමරිකා වෙබ් අඩවියක් චෝදනා කර තිබෙනවා. ඒ ලිපියක් පළකරමින්.
ඇය ඇමරිකා ගායක නික් ජෝන්ස් සමග විවාහ දිවියට එළඹුණේ සිය රංගන දිවියේ අනාගතය වෙනුවෙන් බවයි එම ලිපියෙන් චෝදනා කරන්නේ. මෙම ලිපියට එරෙහිව ඉන්දීය ජාතිකයන් රැසක් අන්තර් ජාල වෙබ් අඩවි ඔස්සේ කරුණු දක්වා තිබෙනවා. වර්ගවාදය මතුකිරිමට ඔවුන් උත්සාහ දරණ බවටයි ඉන්දියානුවන් චෝදනා කරන්නේ. ඒ අනුව ප්‍රියංකා චොප්රා ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් ද ආරම්භකර තිබෙනවා. කෙසේවෙතත් ඇමරිකා වෙබ් අඩවිය මේවන විට චොප්රාට එරෙහි ලිපිය ඉවත්කරගෙන ඇති අතර, ඇයගෙන් සමාව ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.