අපවත්වීවදාළ අලුත්ගම කන්දේ විහාරාධිපති කළුතර දිස්ත්‍රික්කයේ සහ බෙන්තර වලල්ලාවිට කෝරලේ ප්‍රධාන සංඝනායක කීර්ති ශ්‍රී වාගීෂ්වර පූජ්‍ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමීන්වහන්සේගේ අදාහන පූජෝත්සවය මොරගල්ල කාලවිලවත්ත ක්‍රීඩාංගනයේදි ලබන සදුදා (10) සිදු කෙරෙනවා.
අපවත්වනවිට උන් වහන්සේ 79 වන වියේ පසුවුණා. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම පෞද්ගලිකරෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව උන්වහන්සේ ඊයේ (06) දහවල් අපවත් වුණා. දේහය මේ වන විට අලුත්ගම කන්දේ විහාරස්ථානයේතැන්පත් කර තිබෙනවා.