fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්ධන මිල පාලනයට ඔපෙක් සංවිධානයේ සූදානමක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 18:05

ඉන්ධන මිල පාලනයට ඔපෙක් සංවිධානයේ සූදානමක්

ඛණිජ තෙල් මිල පාලනය කිරීමට ඔපෙක් සංවිධානය සූදානම් වනවා.

ඔපෙක් සංවිධානයේ සාමාජික රටවල් වියානා නුවරදී හමුවී මේ පිළිබදව තීරණය කිරීමට නියමිතයි. කෙසේ වෙතත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා තිබුණේ ලෝක වෙළෙදපොලට නිකුත් කෙරෙන ඛණිජ තෙල් ප්‍රමාණය ඉහළ නංවන ලෙසයි. ඇමෙරිකා එක්සත් ජනපදයත් සෞදි අරාබියත් අතර ඇතිවී තිබෙන මතභේදකාරී තත්ත්වයත් සමග මෙම ඉල්ලීම ක්‍රියාත්මක වේද යන්න සැක සහිත බවයි විශ්ලේෂකයන්ගේ අදහස වන්නේ. ඔපෙක් සංවිධානයේ වැඩිම ඛනිජ තෙල් ප්‍රමාණයක් නිශ්පාදනය කරන රට වන සෞදි අරාබිය දැනටමත් සිය දෛනික ඛනිජ තෙල් නිශ්පාදනය පාලනය කරමින් තෙල් මිල පාලනය කරන බව ප්‍රකාශ කර තිබුණා. ඒ සදහා තවත් ප්‍රධානතම ඛණිජතෙල් නිශ්පාදකයෙකු වන රුසියාවේද සහාය ලැබී ඇති බව සදහන්.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 18:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්