ජනාධිපතිතුමා හා අමාත්‍යාංශ ලේකම්වරුන් අවශ්‍ය සේවාවන් සිදුකරන බැවින් රටේ කටයුතු අඩපණ වී නැති බව මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා.
රටේ අර්බුදකාරී වාතාවරණය අවසන් කර යහපත් රටක් නිර්මාණය කිරීමේ අධිෂ්ඨානයෙන් මහජන අත්සන් ලබා ගැනීමේ වැඩසටහන නිමා කරමින් ලබාගත් අත්සන් සහිත ලේඛන භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් රාජපක්ෂ මැතිතුමා මේ බව කියාසිටියා. පැවිදි හඩ සංවිධානයයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කළේ.
අත්සන් ලබා ගැනීම සදහා නාරාහේන්පිට අභයාරාම විශාරස්ථානයෙන් විශේෂ රිය පෙරහැරක් ආරම්භ කළ අතර එය සීනිගම දේවාලය දක්වා ගමන් කළා.
දිවයිනේ ප්‍රදේශ රැසකදී අත්සන් ලබා ගැනීමට ද කටයුතු කෙරුණා.
පැවදි හඩ සංවිධානය,මහා සංඝරත්නය හා සිවිල් සංවිධාන නියෝජිතයන් මීට එක්ව සිටියා.
අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙනුයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ.
ජනතා අත්සන් සහිත ලේඛණ මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත ලබා දීම අභයාරාම විහාරස්ථානයේදී සිදු කළේ අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේයි. ඒ මහා සංඝරත්නයේ පිරිත් සඡ්ඣායනා මධ්‍යයයේයි.
https://www.facebook.com/itnnews.lk/videos/355818681852522/
https://www.facebook.com/itnnews.lk/videos/355867681628490/