fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රිකට් නිලවරණය පෙබරවාරි 7

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 12:06

ක්‍රිකට් නිලවරණය පෙබරවාරි 7

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන පෙබරවාරි 07 වැනිදා පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම නතර කරමින් අධිකරණය පසුගියදා නියෝගයක් නිකුත්කළා. එහෙත් පසුව එම වාරණය ඉවත් කිරීමටයි අභියාචනාධිකරණය කටයුතු කළේ. ඒ අනුව ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශය ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවක් පත් කළා. නිලවරණයේ ජන්ද හිමි නාමලේඛණය ද මේ වන විට ප්‍රකාශයට පත්කර අවසන්. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය  මීට පෙර නිවේදනය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පෙබරවාරි 09 වැනිදාට පෙර පැවැත්විය යුතු බවයි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන 07 වැනිදා පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. ඊට නාම යෝජනා භාරගැනීමේ කටයුතු ඉදිරියේදී සිදුකිරීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 12:06

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්