fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකා නාවික හමුදා ගුවන් යානා දෙකක් අනතුරට ලක්වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 10:37

ඇමෙරිකා නාවික හමුදා ගුවන් යානා දෙකක් අනතුරට ලක්වෙයි

ඇමෙරිකා නාවික හමුදාවට අයත් ගුවන් යානා දෙකක් ජපානයේ හිරෝෂිමා මුහුදු සීමාව ආසන්නයේ දී අනතුරට ලක්ව තිබෙනවා.

ගුවන් යානා අභ්‍යාසයකදී යානා දෙකක් ගැටී ඇති බවටයි සැක කෙරෙන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම යානාවල නාවික හමුදා නිලධාරීන් 7 දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ.

ඉන් එක් අයෙකු බේරා ගැනීමට හැකි වී තිබෙනවා.

ජපාන සහ ඇමෙරිකා නිලධාරීන් එක් ව යානා සහ අතුරුදන් නාවිකයින් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 10:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්