fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගල්කිස්ස වෙඩි තැබීම පාතාල කණ්ඩායම් දෙකක් අතර ආරවුලක් (Update)

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 09:06

ගල්කිස්ස වෙඩි තැබීම පාතාල කණ්ඩායම් දෙකක් අතර ආරවුලක් (Update)

Update

ගල්කිස්ස වෙඩි තැබීමේ සිද්ධිය පාතාල කණ්ඩායම් දෙකක් අතර පවතින ගැටුමක ප‍්‍රතිඑලයක් බවට තොරතුරු හෙළිව තිබෙනවා. ඊයේ රාත‍්‍රියේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු එල්ල කළ වෙඩි ප‍්‍රහාරයෙන් මිය ගියේ කල්දෙමුල්ල ප‍්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණයෙක්. අගුලානේ උදාර නමින් හඳුන්වන ඔහු දැනට බන්ධනාගාරගතව සිටින පාතාල සාමාජිකයෙකු වන රොහා නැමැති පුද්ගලයා මෙහෙයවන අපරාධ කල්ලියේ සාමාජිකයෙකු බව ද හෙළි වුණා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් වෙඩි තැබීමට හේතුවන්නට ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.


ගල්කිස්ස කල්දමුල්ල ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින්  මියගොස් තිබෙනවා.

මුහුණු ආවරණය කර ගනිමින් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසන්නේ. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. ගල්කිස්ස පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 09:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්