පාසල් නිවාඩු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ආරම්භ කරන බව පාලක මැදිරිය ප්රකාශ කළා. ඒ හෙට සිට ලබන 29 වනදා තෙක්.
පළමු දුම්රිය හෙට පෙරවරු 7.30ට කොළඹ සිට ධාවනය වන්නේ බදුල්ල දක්වායි. බදුල්ලෙන් එය පසුදා පෙරවරු 9.30ට පිටත් වන බව ප්රධාන පාලක මැදිරිය සඳහන් කළා. ලබන මස මුල් සතියේ දින තුනක් එම ප්රවාහන සේවා ක්රියාත්මක කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ.