ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතාගේ 96 වන ඡන්ම දිනය අදට යෙදී තිබුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද නාරහේන්පිට පිහිටි ඒ මහතාගේ නිවස වෙත ගොස් සුබපැතුම් එක්කළා. මාධ්‍ය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් වෙනුවෙන් ඒ මහතා කළ සේවාව මෙහිදී ජයසේකර මහතා අගය කළා. එඩ්වින් ආරියදාස මහතාගේ 96 වන ඡන්ම දිනයට සුබපැතූ දයාසිරි ජයසේකර මහතා එතුමාට දීර්ඝායුෂ ද ප්‍රාර්ථනා කළා. එඩ්වින් ආරියදාස මහතා රචනා කළ ග්රන්ථ කිහිපයක්ද මෙහිදී අමාත්‍යවරයා වෙත පිළිගැන්වූණා.