fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැතිට එරෙහි රීට් පෙත්සම විභාග කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2018 12:59

අගමැතිට එරෙහි රීට් පෙත්සම විභාග කෙරේ

මහින්ද රාජපක්ෂ මැතිතුමාට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට හිමිකමක් නොමැති බවට ප්‍රකාශයට පත්කර ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙසට ඉල්ලා ගොනුකර ඇති රීට් පෙත්සම සලකා බැලීම දෙවන දිනට අද පෙරවරු 11 ට අභියාචනාධිකරණයේදී ආරම්භ කෙරුණා.

එහිදී හයවන සහ 13 වන වගඋත්තරකරුවන් එනම් කැබිනට් අමාත්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටිමින් ජනාධිපති නීතීඥ කුෂාන් ද අල්විස් මහතා පෙත්සමට එරෙහිව වාචික දේශන ආරම්භ කළා. ඒ මහතා කියාසිටියේ මෙම පෙත්සමට අදාළව අමුණා ඇති විශ්වාසභංගයට අදාළ හැන්සාඩ් පිටපත අවසන් පිටපතක් නොවන බවයි. එය අශෝධිත පිටපතක් බවට ද ඔහු තර්ක කළා. එය ඉදිරියේදී සංශෝධනය කර නැවත ඉදිරිපත් කිරීමේ හැකියාවක් පවතිනවා. එවැනි තත්ත්වයක් යටතේ මම පෙත්සම මුල් අවස්ථාවේදීම නිශ්ප්‍රභ කරන ලෙසයි ජනාධිපති නීතීඥවරයා ඉල්ලා සිටියේ. පෙත්සම සදහා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ද ඔහු ඉල්ලා සිටියා. මෙම පෙත්සම ගොනුකර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2018 12:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්