පාරිභෝගික අධිකාරියේ වැටලීම් වලින් ඉහළ ආදායමක් උපයාගෙන තිබෙනවා.
පසුගිය ජනවාරී මාසයේ සිට ඔක්තෝබර් දක්වා සිදුකර ඇති වැටලීම් ගණන දහනව දහසක්. 2000 කට ආසන්න පිරිසක් සඳහා නඩු පැවරීමට ද පියවර ගැණුනා. දඩ මුදල් ලෙස රුපියල් කෝටි හතකට වැඩි ආදායමක් උපයාගෙන ඇති බවයි පාරිභෝගික අධිකාරිය පවසන්නේ. ඉදිරි උත්සව සමයේදී එම වැටලීම් තවදුරටත් වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා.