fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාතර සිසු ඝාතන සැකකරුවන් දෙදෙනෙකු පෙරෙට්ටුවේදී හදුනා ගැනේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2018 11:12

මාතර සිසු ඝාතන සැකකරුවන් දෙදෙනෙකු පෙරෙට්ටුවේදී හදුනා ගැනේ

මාතර දී පාසල් සිසුවෙකුට පිහියෙන් ඇණ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ දෙවන සහ තුන්වන සැකකරුවන් සාක්ෂිකරුවන් තුන් දෙනෙකු විසින් අද හදුනාගනු ලැබුවා. ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති හදුනාගැනීමේ පෙරටුට්වේදීයි.

මාතර උපකාරක පන්තියකට සහභාගී වූ සිසුවෙකුට තියුණූ ආයුධයකින් පහරදී ඝාතනය ‍කෙරුණේ පසුගිය 24 වනදායි.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. එහි දෙවන සහ තුන්වන සැකකරුවන් සදහායි හදුනාගැනීමේ පෙරට්ටුව පැවැත්වුණේ. එහිදී සාක්ෂිකරුවන් තුන් දෙනෙකු විසින් ඔවුන් හදුනාගනු ලැබුවා. ජයවීර මුහන්දිරම්ගේ තුනුදු විමුක්ති දෙවනි සැකකරුයි. තුන් වන සැකකරු වන්නේ උශාන් දිසානායක යන අයයි. මෙම සිද්ධියට අදාළ නඩුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද පැවැත්වෙන බැවින් එහි ප්‍රධාන සැකකරු වන ජාතුංග කංකානම්ගේ සිතිජ සෞන්දර්ය නමැති දාහත් හැවිරිදි අයද මේ වන විට අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2018 11:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්