fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එෆ් ඒ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව යුද හමුදාවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2018 11:58

එෆ් ඒ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව යුද හමුදාවට

එෆ් ඒ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යුද හමුදා පාපන්දු ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත්වුණා. ඒ සෝන්ඩර්ස් පාපන්දු කණ්ඩායම පරාජයට පත් කරමින්.

කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවති තරගයේ පළමු විනාඩි 10න් අනතුරුව තරගය සියතට ගැනීමට යුද හමුදා පාපන්දු කණ්ඩායම සමත්වුණා. තරගයේ පළමු අර්ධය නිමාවන විට ගෝල දෙකක් යුද හමුදා කණ්ඩායම ලබා ගනිද්දී එක් ගෝලයක් පමණයි සෝන්ඩර්ස් කන්ඩායමට ලබා ගත හැකිවුණේ. තරගයේ දෙවන අර්ධයේදී ද සිය ග්‍රහණය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට යුද හමුදා කණ්ඩායම සමත් වුණා. මේ අනුව ගෝල 4ට දෙකක් ලෙස තරගයේ පහසු ජයක් වාර්තා කිරීමට යුද හමුදා පාපන්දු කණ්ඩායම සමත්වුණා.  පිට පිටම තුන්වන වතාවටයි එෆ් ඒ කුසලාන පාපන්දු ශුරතාව යුද හමුදා කණ්ඩායම මෙවර දිනා ගත්තේ.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2018 11:58

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්