පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ කැදවූ ශ්‍රී ලංකා මහා සභාවේ පළමු සමුළුව අද පැවැත්වුණා. ඒ රාජගිරිය සදහම් සෙවණ ධර්මායතනයේදී.
රට ගොඩනගන ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ අරමුණිනුයි සමුළුව කැඳවා තිබුණේ. ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ද සමුළුවට සහභාගි වුණා. එහිදී ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ තිරසර ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වුණා. සමුළුවට සහභාගි වූ අග්‍රාමාත්‍යවරයාට මෛත්‍රී බෝධිසත්ව පිළිමයක් පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ පිරිනැමුවා. දිනේෂ් ගුණවර්ධන , උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද සමුළුවට සහභාගි වුණා. පසුගියදා කතාබහට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ද සමුළුවට එක්ව සිටියා. සමුළුව ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ පැවති එක්සත් ජාතික පක්ෂ රජයට විරුද්ධ වීමට හේතු මෙහිදී හෙළි කළා.
පා.ම. පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=4jFTc9ByrwM&feature=youtu.be&fbclid=IwAR3HFor4Blb388nTRvfBE4xCOmnvpFqNCON22m7xv6ZU584h17WXWG3ays8″]
මේ අතර පූජ්‍ය රත්මලාන ශ්‍රී ධර්මාරාම නායක ස්වාමීන්වහන්සේගේ 60 වන සංවත්සර ප්රභාෂණ මහෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදීයි. පූජ්‍ය රත්මලාන ශ්‍රී ධර්මාරාම නායක ස්වාමීන්වහන්සේගේ 60 වන සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් ද නිකුත් කෙරුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන්වහන්සේ අග්‍රාමාත්‍යවරයාට සමරු තිළිණයක් ප්රදානය කිරීම ද මෙහිදී සිදුකෙරුණා.