ඉන්ධන මිල වැඩි කිරිමට එරෙහිව ප්‍රංශයේ පැවැත්වෙන විරෝධතා වඩාත් ප්රචණ්ඩ වී ඇති බව එරට වාර්තා සදහන් කරනවා.
ඉන්ධන මිල වැඩිකිරිමට එරෙහි විරෝධතා සති තුනක් තිස්සේ ප්‍රංශයේ ප්‍රදේශ රැසක පැවැත්වෙනවා. මධ්‍යම පැරිසසියේ පැවති විරෝධතාවයට ප්‍රංශ පොලිසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. විරෝධතාකරුවන් පිරිසක් අසල තිබු ගොඩනැගිලි කිහිපයකට ගිනි තබා ඇති බව ද සදහන්. සිද්ධියෙන් පුද්ගලයින් 110 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 17 දෙනෙකු ආරක්ෂක අංශ සාමාජිකයින්. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 270 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.