fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනය හා ඇමෙරිකාව අතර එකඟතාවයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2018 08:48

චීනය හා ඇමෙරිකාව අතර එකඟතාවයක්

ජී 20 සමුළුවේ දී සාකච්ඡා කළ පරිදී චීනය හා ඇමෙරිකාව අතර  පැනවූ නව සම්බාධක දින 90ක් යන තුරු නවතා දැමීමට දෙරටේ නායකයින් තීරණය කර තිබෙනවා.

ආජන්ටිනාවේ පැවැත්වෙන ජී 20 සමුළුවේදීයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා චීන ජනාධිපති ෂී ජින් පින්ග් මෙම තීරණයට එළඹුනේ. එසේම ලබන ජනවාරි පළමුවනදා සිට දෙරටට බලපාන්නවූ කිසිදු නව සම්බාධකයක් පනවන්නේ නැති බවට ද මෙහිදී එකගතාවකට පැමිණ තිබෙනවා. දෙරටටම මතභේදාත්මක වූ වෙළෙද සම්බාධක පිළිබදව ඇමෙරිකාව හා චීනය සිදුකළ ප්‍රථම සාකච්ඡාවද මෙයයි. සම්බාධක ක්‍රියාත්මක කිරීම තාවකාලිකව තහනම් කෙරුනද ඉන් අනතුරුව චීනය අදාළ කොන්දේසිවලට පටහැනිව කටයුතු කළහොත් යළි  සම්බාධක  පැනවීමට පියවර ගන්නා බවයි ඇමෙරිකාව පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2018 08:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්