fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වව්නතිව් පොලිස් නිලධාරීන්ගේ ඝාතනයේ සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2018 17:01

වව්නතිව් පොලිස් නිලධාරීන්ගේ ඝාතනයේ සැකකරුවෙකු අත්අඩංගුවට

මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කිලිනොච්චිය පොලීසිය සමත් වුණා. ඒ වට්ටකච්චි ප්‍රදේශයේදීයි.

වයස අවුරුදු 48 වන මෙම සැකකරු කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචි අයෙකු බව වාර්තා වනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමට මෙම සැකකරු භාර දීමට නියමිතයි. සිද්ධියට සම්බන්ධ විමර්ශන ගැන සොයා බැලීමට පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (30) අදාළ ප්‍රදේශයට පිටත්ව ගියා. සිද්ධියෙන් මියගිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ සිරුරු වව්නතිව් මාර්ග බාධකය අසල තිබියදී පසුගියදා සොයා ගැනුණා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2018 17:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්