fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අර්තාපල් ගොවීන්ගේ හිඟ මුදල් ගෙවීමට රජයෙන් රුපියල් ලක්ෂ 750 ක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2018 11:35

අර්තාපල් ගොවීන්ගේ හිඟ මුදල් ගෙවීමට රජයෙන් රුපියල් ලක්ෂ 750 ක්

අර්තාපල් ගොවීන්ගේ හිග මුදල් ගෙවීමට රජයෙන් රුපියල් ලක්ෂ හත්සිය පනහක මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

දීර්ඝ කාලයක් පුරා අර්තාපල් ගොවීන් තම අස්වැන්නට සාධාරණ මිලක් ලබා ගැනීමට දැඩි අරගලයක නිරත වුණා. පසුගිය කාලයේ ඒ සදහා උද්ඝෝෂණ පවා පැවැත්වුණේ අස්වනු සදහා සාධාරණ මිලක් ලබාගැනීමේ අරමුණින්. ඒ අනුව අස්වැන්න මිලදී ගැනීමට කටයුතු කෙරුණද ගොවීන්ට අදාළ මුදල් ගෙවීම පසුගිය සමයේ හරියාකාරව සිදු වූයේ නැහැ.

අර්තාපල් වගා කරන ගොවි සංගම් සහ ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට මේ පිළිබද කරුණු පැහැදිලි කළා.

අමාත්‍යවරයා මේ පිළිබද ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා දැනුවත් කරමින් කඩිනම් විසදුම් ලබාදීමට කටයුතු කළා.  ඒ අනුවයි අර්තාපල් ගොවීන්ගේ හිග මුදල් ගෙවීමට සහ ඉදිරි අස්වැන්න මිලදි ගැනීම සදහා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණේ.

ඊට අදාළ චෙක්පත අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමයේ අධ්‍යක්ෂ මොහොමඩ් රියාස් මහතා වෙත අද භාර දුන්නා.

අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් උදිත ලොකුබණ්ඩාර, අමාත්‍යාංශ නිලධාරීන් සහ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2018 11:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්