fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇලස්කාවේ ප‍්‍රබල භූ කම්පනයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2018 10:10

ඇලස්කාවේ ප‍්‍රබල භූ කම්පනයක්

ඇලස්කාවේ ප‍්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. එය රිච්ටර් පරිමාණ ඒකක 7ක් ලෙස සටහන්ව ඇති බවයි ඇමරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.

භූ කම්පනයත් සමඟ ගොඩනැගිලි රැසක් කඩාවැටී තිබෙනවා. මාර්ග රැසක් ද පැලී යාමෙන් හානියට පත්ව ඇති බවයි බීබීසී ප‍්‍රවෘත්ති සේවය වාර්තා කළේ.

ඇන්කොරේජ් නගරයේ මෙම භූ කම්පනය හටගෙන තිබෙනවා. ලක්ෂ තුනකට ආසන්න පිරිසක් මෙම කලාපයේ ජිවත් වන බවයි ඇලස්කා වාර්තා පෙන්වාදෙන්නේ.

භූ කම්පනයෙන් පසු, පසු කම්පන 40 කට වැඩි සංඛ්‍යාවක් සිදුව තිබෙනවා.  පසු කම්පන කිහිපයක් රිච්ටර් පරිමාණ ඒකක පහයි දශම හතක, පහක සහ හතරක ප‍්‍රබලත්වයකින් ඇතිවූ බවයි ඇමරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ. එම පසු කම්පන ද ඇලස්කාවට සාමාන්‍ය මට්ටමෙන් බලපෑම් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එභෙත් පුද්ගල හානි සිදුව ඇතැයි මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා කර නැහැ. කෙසේවෙතත් ඇලස්කාවේ වෙරළබඩ ප‍්‍රදේශ සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2018 10:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්