fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දියේ ගිලීමෙන් ළමුන් ඇතුලු තුන් දෙනෙක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2018 09:16

දියේ ගිලීමෙන් ළමුන් ඇතුලු තුන් දෙනෙක් ජීවිතක්ෂයට

ස්ථාන තුනකදී දියේ ගිලීමෙන් ළමුන් ඇතුලු තුන් දෙනෙක් මියගොස් තවත් අයෙක් අතුරුදන්ව තිබෙනවා.

ති‍්‍රකුණාමලය මාබල් වෙරළ තීරයේ දියනාමින් සිටි ළමුන් දෙදෙනෙකු දියවැලකට හසුවූ ගසාගෙන ගොස් මියගිය බවයි වරාය පොලීසිය සඳහන් කළේ. පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකෙරෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ගලගෙදර පදිංචි 13 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක්. ඔවුන් ඥාතීන් සමඟ චාරිකාවක පැමිණ දියනෑමට ගිය අවස්ථාවේ අනතුරට ලක්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

පුස්සැල්ලාව සෙන්කුවාර් පහළ කොටස ප‍්‍රදේශයේ චයින මික්ස් විදුලි බලාගාරය අසළ දියනෑමට ගිය ළමුන් පිරිසක් අතුරින් එක් අයෙකු අතුරුදන්ව ඇති බවට ලැබුණු තොරතුරක් මත පොලීසිය මෙහ‍ෙයුමක් ආරම්භ කළා.මෛලෙස අතුරුදන්වූ 18 හැවිරිදි පිරිමි ළමයා ගම්පොළ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර හබරන ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක නැවතී සිටි විදේශ්‍රීය ජාතිකයෙකු නාන තටාකයේ වැටී දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා. ඔහු 64 හැවිරිදි ඉන්දීය ජාතිකයෙක්.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2018 09:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්