fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රවණාබාධිතයන්ගේ 20 යි 20 ලෝක කුසලාන කි‍්‍රකට් ශූරතාව ශ්‍රී‍්‍ර ලංකාවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2018 09:20

ශ‍්‍රවණාබාධිතයන්ගේ 20 යි 20 ලෝක කුසලාන කි‍්‍රකට් ශූරතාව ශ්‍රී‍්‍ර ලංකාවට

ශ‍්‍රවණාබාධිතයන්ගේ 20 යි 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අවසන් මහා තරඟයේදී ඉන්දියාව ලකුණු 36 කින් පරාජය කරමින්.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී‍්‍ර ලංකා ශ‍්‍රවණාබාධිත කි‍්‍රකට් කණ්ඩායම පන්දුවාර 20 දී කඩුලු 9 කට ලකුණු 145 ක් රැස්කළා.

පිළිතුරු ඉනිම කී‍්‍රඩාකළ ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 17 යි පන්දු පහකදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකිවූයේ 109 ක් පමණයි. ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සලය සංවිධානය කළ ශ‍්‍රවණාබාධිතයන්ගේ 20 යි 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියට ඔස්ටේ‍්‍රලියාව, එංගලන්තය, නේපාලය, බංගලිදේශය සහ දකුණු අපි‍්‍රකාව ද සහභාගී වුණා.

තරඟාවලිය පැවැත්වුණේ ඉන්දියාවේදීයී.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2018 09:20

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්