fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඒඩ්ස් රෝගීන්ගේ වැඩිවීමක්.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2018 09:14

ඒඩ්ස් රෝගීන්ගේ වැඩිවීමක්.

ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා. ඒඩ්ස් තුරන් කිරීම වෙනුවෙන් මෙවර ජාතික වැඩසටහන පැවැත්වෙන්නේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී.

පෙරවරු 10 ටයි උත්සවය ආරම්භ වන්නේ. ඒ සෞඛ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

HIV පරීක්ෂාව කරගනිමු, ප‍්‍රතිකාර ගෙන සුවෙන් සිටිමු යන්න මෙවර ලෝක ඒඩ්ස් දින තේමාවයි. ඒ වෙනුවෙන් අද පෙරවරු 9 සිට පාගමනක් ද පැවැත්වෙනවා. එය ආරම්භ වන්නේ කොළඹ මහ නගර සභා පරිශ‍්‍රයෙන්. බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලා පරිශ‍්‍රය දක්වා කි‍්‍රයාත්මක පාගමනට තුන් දහසකට ආසන්න පිරිසක් සහභාගී වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

ලොව පළමු ඒඩ්ස් රෝගියා හදුනාගෙන ඇත්තේ 1981 වර්ෂයේදී. ශ්‍රී‍්‍ර ලංකාවේ පළමු ඒඩ්ස් රෝගියා 1987 වර්ෂයේදී හදුනාගෙන තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව දැනට ලොවපුරා සිටින HIV ආසාධිතයන්ගේ සංඛ්‍යාව මිලියන 36 යි දශම 9 ක්.

ශ්‍රී‍්‍ර ලංකාවේ මේ වසරේදී පමණක් ඒඩ්ස් රෝගීන් දෙසීය හැත්තෑ පස්දෙනෙකු වාර්තාවී ඇති බවයි ජාතික ලිංගාශි‍්‍රත සහ ඒඩ්ස් රෝග මර්දන ජාතික ව්‍යාපාරය පවසන්නේ.

වසරක් තුලදී වාර්තාවූ වැඩිම සංඛ්‍යාව මෙය බවයි ඒඩ්ස් රෝග මර්දන ජාතික ව්‍යාපාරය පවසන්නේ. සෑම වර්ෂයකම ඒඩ්ස් රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2018 09:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්