පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති ශේරු ක්ලැසික් කායවර්ධන තරගාවලියේ දී රන් පදක්කමක් හිමිකරගත්තේ ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩකයෙකු වූ අමිල මුණසිංහයි.
ලොව ප්‍රධාන පෙලේ IFBB කායවර්ධන ශූරතා තරගාවලියක් වූ ශේරු ක්ලැසික් 2018 තරගාවලිය පසුගිය ජූලි 20 වැනිදා සිට 22 වැනි දා දක්වා නවදිල්ලි නුවර දී පැවැත්වුණා.
රටවල් 162ක තරඟකරුවන් අභිබවමින් 85Kg බර පන්තියේ ලෝක ශූරතාව දිනාගැනීමට අමිල මුණසිංහ එහිදී සමත් වී තිබුණා.
අමිල මුණසිංහගේ දක්ෂතා අගය කළ මෙරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේ අපේ මාතෘ භූමියේ කීර්තිනාමය ජාත්‍යන්තරයේ ඔසවා තැබීමට කටයුතු කිරීම පිළිබඳව තම ස්තූතිය පිරිනමන බවයි. එමෙන්ම ඔහුගේ ඉදිරි ක්‍රීඩා කටයුතු වෙනුවෙන් ද සිය සුබපැතුම් එක් කරන්නට ද ජනපතිතුමා අමතක කළේ නැහැ…..
මීලඟ ජාත්‍යන්තර තරඟය සඳහා කැපවී පුහුණුවීම් කරන මේ ජාත්‍යන්තර ශූරයා සිය මුහුණු පොතේ සටහන් තබූ සටහනක් මේ….
“මේ පාර මම යන්නේ තනියම ලංකාවේ කායවර්ධන සම්මේලනයෙන් හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අවසරය මම බලාපොරොත්තු වෙනවා. නමුත් මට ඒ සදහා කාටවත් වැදවැට් අවසර පතන්නට වෙලාවක් නැත. මොකද මම මේ තරගය සදහා පුහුනුවීම් කිරීමට අවශ්‍ය බැවින් මා හට අවසරය ලබාදීමට අමාත්‍යාංශයේ හෝ කායයවර්ධන සම්මේලනය අපොහොසත් වුවොත් ඒ මගේ අවාසනාව නොව රටේ අවාසනාව බව මතක තාබාගන්න. මොකද මේ වන විටත් වෙනත් රටවල් දෙකකින් මා හට ඇරයුම් ලැබි ඇත…..
මා මෙම තිරණය ගැනිමට හේතුව වුයේ 2018 වසරේදී අවසන් කිරිමට තිබු මගේ IFBB PRO සිහිනය සම්මේලනය හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නෙසලකිලිමත්කම නිසා ඒම සිහිනය බොදවයාමත් සමඟය. මම ලංකාවට ආදරේයි නමුත් කිඩකයින් ගේ වටිනාකම ගැන නිලධාරීන්හට අවබොධයක් නොමැතිකම නිසා මෙම තිරණය අකමැතිව හෝ ගැනිමට මා හට සිදුවනු ඇත….”
ඔහුගේ facebook සටහන පහතින්….
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/37772642_190530228475207_4293819246946811904_n.jpg”]