ජාතික යොවුන් මලල ක්රීඩා සංචිතය ලබන 23 වනදා සිට යළි පුහුණුවීම් ආරම්භ කරන බව ජාතික මලල ක්රීඩා සංගමය සදහන් කරනවා.
තුන්වන ආසියා යොවුන් මලල ක්රීඩා තරගාවලිය ඉලක්ක කරමින් ජාතික යොවුන් මලල ක්රීඩා සංචිතය පිහිටවනු ලැබුවා. ඊට ක්රීඩකයින් 11 දෙනෙකු හා ක්රීඩිකාවන් 9 දෙනෙකු ඇතුළත්.
වයස අවුරුදු 18 න් පහළ මෙම ක්රීඩක ක්රීඩිකාවන් ලබන ජනවාරි 19 වනදා කොළඹ සුගතදාස ක්රීඩා පිටියේ පැවැත්වීමට නියමිත තේරීම් තරගාවලියට ද එක්වීමට නියමිතයි.
මෙවර ආසියා යොවුන් මලල ක්රීඩා තරගාවලිය හොංකොං නගරයේ දී ලබන මාර්තු 15 වනදා සිට පැවැත්වීමට නියමිතයි.