fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Update: මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු ජනපති අතින් විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 30, 2018 08:48

Update: මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු ජනපති අතින් විවෘත කෙරේ

21 වන සියවසේ මහා වාරි විස්මිතය වන මොරගහකන්ද – කළුගග ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරුණා.

මොරගහකන්ද වාන් දොරටු විවෘත කිරීම ජනපති ප‍්‍රධානත්වයෙන්

දශක හතරකට පසු මෙරට ඉදි වූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද – කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශය මේ වන විට පිටාර මට්ටමට ළඟා වී ඇති අතර, එහි වාන් දොරටු අද පෙරවරුවේ විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද මෙම අවස්ථාවට එක්වෙමින් පෙරවරුවේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති පරිශ‍්‍රයේ නිරික්ෂණ චාරිකාවක නිරතවීමට නියමිතය.

රජරට ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා දුටු දීර්ඝකාලීන සිහිනයක් සහ කඩිනම් මහවැලි යෝජනා ක‍්‍රමය යටතේ මෙරට ඉදි කෙරුණු අවසන් වාරි යෝජනා ක‍්‍රමය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2007 වසරේදී ය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් 2015 වසරේ සිට ව්‍යාපෘතියේ කටයුතු නව ජවයකින් ඉදිරියට කි‍්‍රයාත්මක කෙරුණු අතර, කොන්ක‍්‍රීටි වේල්ලක්, පස් වේල්ලක් සහ කළුගල් පිරවූ වේලි තුනක් සහිතව මෙරට ඇති එකම ජලාශය ද මෙය වෙයි.

විසි එක්වන සියවසේ මහා වාරි විස්මිතය ලෙසින් හදුන්වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශයේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි 4,60,000 කි. එය පරාක‍්‍රම සමුද්‍රය මෙන් සිව් ගුණයකට ආසන්න අතර, ඉන් කුඹුරු අක්කර 82,000 ක් අස්වැද්දීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය යටතේ උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත් ආවරණය කරමින් ලොකු කුඩා වැව් 2000 කට පමණ දියවර සැපයෙන අතර උතුරු මැද පළාතේ වැව් 1600 කට සහ වයඹ පළාතේ වැව් 303 කට ජලය නිකුත් කෙරේ. ඒ අනුව එම පළාත්වල අක්කර ලක්ෂ 03 ක් අස්වද්දා පවුල් ලක්ෂ 15 කට සෙත සැලසෙන අතර පවුල් ලක්ෂ 03 කට පිරිසිදු පානීය ජලය සැපයේ.

මොරගහකන්ද ජලාශය මඟින් විදුලිය නිපදවීම සිදුවන අතර, ජලාශයේ විදුලි බලාගාරයේ ජනන යන්ත‍්‍ර තුනෙන් වාර්ෂිකව ජාතික විදුලි බල පද්ධතියට එක්වන විදුලි ප‍්‍රමාණය මෙගාවොට් 25කි. මෙමගින් වාර්ෂිකව ඉතිරි කෙරෙන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336 කි. ජලාශයේ අපේ්ක්ෂිත මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන ධාරිතාව වාර්ෂිකව ටොන් තුන් දහසක් වන අතර එමඟින් අපේක්ෂිත වාර්ෂික ආදායම රුපියල් මිලියන 225 කි. පළාත් තුනක වෙසෙන දහස් ගණනක ගොවි පවුල් සඳහා ඝෘජු ආර්ථික වටිනාකමක් සැලසෙන මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතිය මඟින් මුළු මහත් ජාතියටම හිමිවන ප‍්‍රතිලාභ අතිමහත් ය.

මොරගහකන්ද ජලාශයේ රන්දියවර මුදා හැරීම පසුගිය ජනවාරි 08 වනදා ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර ඉතා කෙටිකලකින් ජලාශය පිටාර මට්ටමට පැමිණීමත් සමග එහි වාන් දොරටු විවෘත කරන පළමු අවස්ථාව මෙයයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 30, 2018 08:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්