fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැති සහ වතු හාම්පුතුන් අතර සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2018 16:34

අගමැති සහ වතු හාම්පුතුන් අතර සාකච්ඡාවක්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩිකර ගැනීම සදහා ඉදිරිපත්කර ඇති ඉල්ලීම් පිළිබද සාකච්ඡාකර තමන් වෙත ලබන 3 වනදා වනවිට දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වතු සංගම් නියෝජිතයන් සහ වතු හාම්පුතුන් වෙත දැනුම් දුන්නා.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා. වැටුප් වැඩිකරන ලෙස කළ ඉල්ලීම්වලට තවමත් යහපත් ප්‍රතිචාරයක් නොමැති බවයි වතු කම්කරු සංගම් නියෝජිතයන් අග්‍රාමාත්‍යතුමා වෙත දැනුම් දුන්නේ. පවතින තත්ත්වය සමග කර්මාන්ත ශාලා අකර්මන්‍ය වී වැසීයන තත්ත්වයක් උද්ගත විය හැකි බව වතු හාම්පුතුන් අග්‍රාමාත්‍ය තුමා වෙත දැනුම් දුන්නා. දෙපාර්ශ්වයේම කරුණුවලට අවධානය යොමුකළ මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙවැනි තත්ත්වයක් පැවතීම රටේ ආර්ථිකයට සුදුසු නොවන බවයි සදහන් කළේ.

එබැවින් කඩිනම් විසදුමක් ලබාදිය යුතු බවද අග්‍රාමාත්‍යතුමා අවධාරණය කළා. වතු කම්කරු නියෝජිතයන් සහ හාම්පුතුන් අතර වැටුප් සම්බන්ධයෙන් සාකච්ඡාකර අදාළ තීරණය තමන් වෙත හැකි ඉක්මනින් දැනුම් දෙන ලෙසයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී කියාසිටියේ. අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන්, වතු හාම්පුතුන්, වතු කම්කරු නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්වුණා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2018 16:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්