තුන්වන ආසියා යොවුන් මලල ක්රීඩා තරගාවලිය සදහා තේරීම් තරගාවලිය ලබන ජනවාරි 19 වැනිදා පැවැත්වීමට ජාතික මලල ක්රීඩා සංගමය තීරණය කර තිබෙනවා.
ආසියා යොවුන් මලල ක්රීඩා තරගාවලිය මාර්තු 15 වැනිදා හොංකොං හිදී පැවැත්වීමට නියමිතයි. තරගාවලියට ක්රීඩක ක්රීඩිකාවන් 07 දෙනෙකු ඇතුලත්කිරීමේ අවස්ථාව ශ්රී ලංකාවට හිමිව තිබෙනවා. ලබන ජනවාරි 19 වැනිදා ඒ වෙනුවෙන් තේරීම් තරගාවලියක් සුගතදාස ක්රීඩා පිටියේදී පැවැත්වෙනු ඇති. මේ වන විට සංචිත ගත කර ඇති යොවුන් ක්රීඩක ක්රීඩිකාවන් 20 දෙනා ද මෙම තේරීම් තරගාවලියට එක්වන බව ජාතික මලල ක්රීඩා සංගමය සදහන් කරනවා.