ආවා කල්ලිය මෙහෙය වූ අශෝක් කුමාර් නැමැත්තා ලබන මස 12 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මල්ලාකම් මහේස්ත්රාත් ඒ ඇලෙක්ස් රාජා මහතා මෙම නියෝගය ලබාදුන්නා. මෙම පුද්ගලයා අධිකරණයට භාරවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකළ බවයි යාපනය පොලිසිය පවසන්නේ. පසුගිය කාලයේ ආවා කල්ලිය සිදුකළ කි්රයාකාරකම් හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්වුණා. ඒවා වැළැක්වීම සඳහා ආරක්ෂක අංශ විවිධ ක්රියාමාර්ග ගත් බවයි පොලිසිය සඳහන් කළේ.