අන්තර් ක්රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ මූලික අදියරේ තරගයකදී යුද හමුදා රග්බි කණ්ඩායම පහසුවෙන් පරාජයට පත් කිරීමට ප්රබල මහනුවර රග්බි ක්රීඩා සමාජ කණ්ඩායම සමත්වුණා.
රත්මලාන ගුවන් හමුදා ක්රීඩා පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමාවනවිට යුද හමුදා ක්රීඩා සමාජය ලකුණු පහක් ලබාගෙන සිටියා. ඒ වනවිට මහනුවර ක්රීඩා සමාජය ලබාගෙන තිබුණේ ලකුණු 14 ක් පමණයි. දෙවන අර්ධයේදීත් තරගය සියතට ගත් මහනුවර ක්රීඩකයින් ගෝල දිනුම් පහක් සමගින් ලකුණු 38 ක් තරගය නිමාවනවිට ලබාගැනීමට සමත්වුණා. ඒ වනවිට යුද හමුදා රග්ගබි කණ්ඩායමට ලබාගත හැකි වුණේ ලකුණු 10 ක් පමණයි.