ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තු සභා වාරවලට සහභාගි වීම ගැන තවදුරටත් සාකච්ඡා කරන බව අමාත්‍ය එස් බී දිසානායක මහතා ප්‍රකාශ කළා.එය කතානායකවරයාගේ ක්‍රියාකලාපය මත පදනම් වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
පාර්ලිමේන්තුව ව්‍යවස්ථා විරෝධිව රැස්වීම හේතුවෙන් කතානායකවරයාට විරෝධය පළකරමින් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී නොවිමට ආණ්ඩු පක්ෂය ඊයේ දිනයේදීත් තීරණය කළා. පාර්ලිමේන්තු කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව සිදුනොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.