ජනාධිපතිතුමා විදෙස් මාධ්‍යවේදීන් හමුවේ කළ ප්‍රකාශයක් එක්සත් ජාතික පක්ෂය වැරදි ලෙස අර්ථකථනය කරන බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද(27) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා.
පොලිස් පරික්ෂක නිශාන්ත ද සිල්වා මහතාට ස්ථාන මාරුවක් ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කිසිදු මැදිහත්වීමක් සිදු නොකළ බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය දෙසැම්බර් 4 වනදා පැවැත්වෙන බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/CMQeCT5nlNs”]