එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරගයකදී කොළඹ එෆ්.සී. පාපන්දු කණ්ඩායම පරාජයට පත් කිරීමට සෝන්ඩර්ස් පාපන්දු කණ්ඩායම සමත් වුණා.
කොළඹ සුගතදාස ක්රීඩා පිටියේ පැවති තරගයේ පළමු අර්ධයේ සිටම පෙරමුණ ගැනීමට සෝන්ඩර්ස් පාපන්දු කණ්ඩායම සමත් වුණා. එම අර්ධයේදී ගෝල දෙකක් ඔවුන් ලබා ගනිද්දී කොළඹ එෆ්.සී පාපන්දු ක්රීඩා සමාජ කණ්ඩායමට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට හැකි වුණේ නැහැ. දෙවන අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට නොහැකි වුණා. මේ අනුව ගෝල දෙකට බින්දුවක් ලෙස ජයග්රහණය වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සෝන්ඩර්ස් පාපන්දු කණ්ඩායම සමත් වුණා.