fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාපෙළ උපකාරක පන්ති හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2018 14:28

සාපෙළ උපකාරක පන්ති හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව පැවැත්වෙන සියලු උපකාරක පන්ති හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමෙන්තුව නිවේදනය කරනවා.

විභාගය අවසන් වන ලබන මස 12 වනදා දක්වා එම තහනම ක්‍රියාතක්මකයි. උපකාරක පන්ති මෙන්ම විෂයානු බද්ධ දේශන ,සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්ණ පත්‍ර ,බෙදා හැරීම ඇතුළු ,විභාග ඉලක්ක ප්‍රශ්න පත්‍ර ලබා දෙන බවට කෙරෙන ප්‍රකාශ  ද  තහනම් වනවා.  ඊට අදාළ පෝස්රට්  , බැනර් , අත්පත්‍රිකා  විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැන්  දෑ ලග තබා ගැනීම තහනම් බවයි විභාග දෙපාර්ත් මෙන්තුව සදහන් කරනනේ. කිසියම් පුද්ගලයෙකු මෙම නීති කඩ කරන්නනේ නම් ලගම ඇති පොලීසිය  , පොලිස් මූලස්ථාන හෝ විභාග දෙපාර්තමේන් වට පැමීණිලි කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා දැනුම් දෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2018 14:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්