fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔබේ දරුවාත් අන්තර්ජාලය භාවිත කරනවාද?

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2018 15:24

ඔබේ දරුවාත් අන්තර්ජාලය භාවිත කරනවාද?

වර්තමානයේ පවත්නා මානසික රෝග ගොන්නට අලුතින්ම එකතු වී ඇති රෝගය ලෙස ‘ඉන්ටර්නෙට් ඇඩික්ෂන් සින්ඩ්‍රෝම්’ හෙවත් අන්තර්ජාලයට දැඩිලෙස ලොල් වීමේ රෝගය හඳුනාගෙන තිබෙනවා.

ආසියානු රටවල දරුවන් 45%කට වැඩි ප්‍රමාණයක් මෙම තත්ත්වයට ගොදුරු වෙමින් පවතින අතර, විශේෂයෙන් කොරියාව වැනි රටවල මෙම තත්ත්වය බහුලව දක්නට ඇති බව සමීක්ෂණවලින් හෙළිව ඇතිබවයි වෛද්‍යවරුන් පවසන්නේ.

මේ පිළිබදව පර්යේෂණ පැවැත්වූ විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ මෙවැන්නක්,

“දරුවන් අන්තර්ජාලය සමාජ වෙබ් අඩවිවලට තියෙන ලොල්වීම ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක් ලෙස හඳුනාගෙන තියෙනවා. මෙම තත්ත්වය නිසා මොළයේ රසායනික වෙනස් වීමක්, දෛනික හැසිරීම් රටාවේ වෙනසක්, පුද්ගලයා මූලික තැන දෙන්නේ කුමකටද කියන  පිළිබඳව ප්‍රතිකාර කළයුතු තත්ත්වයක් දක්වාම වර්ධනය වීමේ අවස්ථා තියෙනවා.

මෙම තත්ත්වය ඉන්ටර්නෙට් ඇඩික්ෂන් සින්ඩ්‍රෝම් ලෙස හඳුන්වනවා. මෙය විදේශ රටවල සම්මන්ත්‍රණවලදී පවා කතා වෙනවා. ඔවුන් කියන්නේ ආසියාවේ දරුවන් 45%ක් මෙයට ගොදුරු වෙමින් පවතින බවයි. විශේෂයෙන්ම කොරියාව වගේ රටවල. බටහිර රටවල ආසියාවේ තරම් මෙම තත්ත්වය දකින්න නෑ. මෙම තත්ත්වයට ගොදුරු වෙන දරුවා සියලුම දේ පසෙකට දානවා. හරියට මධ්‍යසාරවලට පුරුදු වෙන කෙනා වගෙයි. කොයි වෙලාවේ මධ්‍යසාර ගන්නවාද කියලා බලා ඉන්නවා වගේ ඒකටම ගොදුරු වෙනවා. මත්පැන් භාවිත කරන කෙනා එයට මුල්තැන දෙමින් තමයි දවසේ සියලු කටයුතු සම්බන්ධීකරණය කරගන්නේ මෙයත් එවැනිම  තත්ත්වයක්” යනුවෙනුයි.

ඔබත් ඔබේ දරුවාට අන්තර්ජාලය භාවිතයට ඉඩ දී තිබෙනවා නම් මේ ගැනත් මොහොතක් සිතන්න…

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2018 15:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්