කථානායකවරයාගේ පක්ෂග්රාහී ක්‍රියාකලාපය පිළිබද විරෝධය පළකරමින් විවිධ ප්‍රදේශවල තවදුරටත් උද්ඝෝෂණ පැවැත්වෙනවා. ජනතා මතයට ඉඩ සළසමින් මහ මැතිවරණයකට යා යුතු බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
හගුරන්කෙත, රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ දී උද්ඝෝෂණයක් පැවැත්වුණේ කථානායකවරයාගේ පක්ෂග්රාහී ක්‍රියාකලාපය දැඩි ලෙස හෙළාදකිමින්. අමාත්‍ය සී බී රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන් සහ හගුරන්කෙත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
දැරණියගල නගරයේදී ද උද්ඝෝෂණයක් පැවැත්වුණේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. කථානායකවරයා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩකරමින් පක්ෂග්රාහීව කටයුතු කිරීම දැඩි ලෙස හෙලාදකින බවයි උද්ඝෝෂකයින් ප්‍රකාශ කළේ. මහ මැතිවරණයක් කඩිනමින් පැවැත්විය යුතු බවට ඔවුන් පවසනවා.
————————————————————————————————————————————————————————————————————————————–
කථානායකවරයාගේ පක්ෂග්රාහී හැසිරීමට විරෝධය පළකරමින් කැකිරාව ඉපලෝගම ප්‍රදේශයේදීද උද්ඝෝෂණයක් පැවැත්වුණා. අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන, උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
ජාතික සිසුජන ව්‍යාපාරය හා සිවිල් සංවිධාන එකතුව විහාරමහා දේවි උද්‍යානයේදී සත්‍යග්‍රහයක් ආරම්භ කළා. ඒ කඩිනමින් මහ මැතිවරණයක් පවත්වා ජනතා මතයට ඉඩ සළසන ලෙස ඉල්ලා සිටිමින්.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහාය පළකරමින් හෝමාගම ප්‍රදේශයේ දී දැවැන්ත ජන රැළියක් පැවැත්වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි එය සංවිධාන කළේ. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැළිය පැවැත්වුණා.
අමාත්‍ය ගාමිණී ලොකුගේ,
[ot-video type=”youtube” url=”https://youtu.be/Wk_e7_kLNPw”]