සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි
Related Articles
මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල සවස 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සබරගමුව සහ මධ්‍යමපළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වලට උදෑසන කාලයේදී සිහින් වැසි ඇති විය හැක.මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ උතුරු මැද පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
හම්බන්තොට සිට මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේ.කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.කොළඹ සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ පොතුවිල්හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වේ.සෙසු මුහුදු ප්‍රදේශවල සුළංනිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 15-30 පමණ වේ.කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50දක්වා වැඩිවිය හැකි අතර එවිට, එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං(පැ.කි.මී 70-80 පමණ) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.